කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණු බවට චෝදනා ලබමින් පොදුදේපල පනත යටතේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මාස පහක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය බුලත්වලගේ ප්‍රසන්න රණවීරට සහ සරත් එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් නැමති සැකකරුවන්ට පසුගිය 30ස් වනදා ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබිණි.
මහර බංධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා පසුගිය පළමුවනදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කල අතර දිසා අධිකරණයෙන් නියෝග කල සියළු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව ප්‍රසන්න රණවීර අධිකරණයෙන් පිටව ගියේය.
ලක්ෂ පහක මුදල් ඇපයක් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප පහක්,විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතුයි, සහ සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවට දිස්ත්‍රික් අධිකරණයෙන් නියෝග කල ඇප කොන්දේසි වල සදහන්වේ.
සරත් එදිරිසිංහ නැමති සැකකරු
ඇප කොන්දේසි සපුරන තෙක් අධිකරණයේ රැදී සිටි අතර අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්න රණවීර හිටපු ඇමතිවරයා
මාධ්‍යට අදහස් දක්වමින් මහර බන්ධනාගාරයේ සිරකරුවන් ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බැවින් සිරකරුවන්ට මූළික අවශ්‍යතා හෝ නොලැබෙන ලැබෙන බව පැවසීය.
දේශපාලනික වශයෙන් තමන් නිහඬ නොවන බවත් නතර කල තැන පටන් හෙට දිනයේ සිටම නැවත දේශපාලන කටයුතු ආරම්භ කරමින් නාමල් රාජපක්ෂ ගේ කඳවුර සමග එක්ව එය ශක්තිමත් කරන බවත් පැවසීය.
කුසුම් එස් හැන්නදි







