බලධාරීන්ගේ ප්‍රමාදයෙන් පිළිකා රෝගීන් අනතුරේ..!

පිළිකා රෝගීන්ට විකිරණ ප්රතිකාර සිදුකරනු ලබන ලීනියර් ඇක්සලරේට නම් විකිරණ ප්රතිකාර යන්ත්ර 5ක් මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය සැලසුම් කර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තවමත් නොලැබීම නිසා එම යන්ත්රයන් මිලදී ගැනීම එන්න එන්නම ප්රමාද වෙමින් ඇතැයි ‘රතු ඉර’ වෙත කරුණු වාර්තා වෙයි.

මේ හරහා අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට, රත්නපුර යන රෝහල් වෙත නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්රතිකාර යන්ත්ර ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඒ අනුව 2013 වර්ෂයේදී මෙම යන්ත්ර පහ මිලදී ගැනීමට සැලසුම් කලත් පැවති රජයන් සහ සෞඛ්ය අමාත්යාංශයේ ඇතිවූ ගැටුළු හේතුවෙන් එම මිලදී ගැනීම 2024 වර්ෂය වනතුරුත් සිදුකර ගත නොහැකිි වී ඇති බවත් පවසන රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්රම මහතා ප්රකාශ කරන්නේ නව රජය පත්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ සහ සෞඛ්ය අමාත්යවරයාගේ මැදිහත්වීම මත 2025 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතිය ලබාදීම සිදුකර ඇති බවත් ය. ඒ අනුව මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න බවත් ප්රකාශ කරන ඒ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිගටම මේ අනුමැතිය ලබාදීම ප්රමාද කිරීම ප්රශ්නයක් බව සඳහන් කරයි.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙත ද අති නවීන ලීනියර් ඇක්සලරේට විකිරණ යන්ත්රයන් දෙකක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ලබාගැනීමට යාමේදී, පුද්ගලික රෝහල් මාෆියාවට යටවූ බයෝ මෙඩිකල් ඉංජිනේරු බලධාරීන් ඊට අකුල් හෙළමින් ඇති බව ද රතු ඉර වෙත කරුණු වාර්තා වෙයි.

කේ.සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website