ලංවීම තුළ 23,000කට වඩා සේවකයින් ප්රමානයක් සේවයේ යෙදෙන බවත්, නව ප්රතිසංස්කරණයන් යටතේ ඔවුන් සියල්ලම නව ආයතන 4ක් වෙත අනුයුක්ත කිරීම සිදු කරන බවත්, එය අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
ලංකා විදුලි බල පනතේ සංශෝධන ඉදිරියේදී ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කිරීම සඳහා පසුගිය 15 දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ මෙම ප්රතිසංස්කරණයන් සඳහා යම් අයෙක් විරුද්ධ වන්නේ නම් ඔහුට හෝ ඇයට ලංවීමෙන් ඉවත්ව යා හැකි බවය.
ලංවීම නව ප්රතිසංස්කරණයන් හරහා ගොඩනැගෙන ආයතන 4 පූර්ණ වශයෙන්ම රජය සතු බව ප්රකාශ කරන ඒ මහතා එනිසා කිසිවෙක් බියවිය නැති බව ප්රකාශ කරයි.
මංජු කස්තුරිආරච්චි







