ජුනි 30 විශේෂ පාර්ලිමේන්තු දිනයක්

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවැති පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාවේ දී ජුනි 30වැනිදාට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය ගෙන තිබෙනවා.
2024 අංක 44 දරණ රාජ්ය මූල්ය කළමනාකාර පනතේ 11වැනි වගන්තියට අනුව එක් එක් අවුරුද්දේ ජුනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්ය ක්රමෝපාය ප්රකාශයක් නිවේදනය කිරීමේ අවශ්යතාවය සම්පූර්ණ කිරීමට මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව සැලය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝග 16 ආකාරව අග්රාමාත්යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජුනි 30වැනිදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව ඇති බවටත් ජූලි 08 සහ 11 යන දිනවල ද පාර්ලිමේන්තුව රැස්වීමට එහි දී තීරණය කළ බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website