මේ දවස්වල පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා බහට ගැණෙන බහාලුම් 300ක අතුරුදහන් වීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එස්. බී දිසානායක මාධ්‍ය හමුවකදී බලාපොරොත්තු නොවූ ආකාරයේ වෙනස් ප්‍රකාශයක්කර ඇත.
බහාලුම් 300ක අතුරුදන්වීම ගැන පමණට වඩා කතා කිරීම හිස් කාරණාවක් බවත්, සාමාන්‍යයෙන් බහාලුම් යවන විට ස්කෑන් කිරීම සහ දැඩිව පරීක්ෂණයට බඳුන් කිරීම කළ ද යම් හේතු මත සමහර බහාලුම් එලෙස කිසිවක්ම නොකර යවන බවත් පවසා සිටියේය.
එම හේතූන් අතර ද සුවිශේෂීම හේතුව වන්නේ එකී බහාලුම් හරහා නීති විරෝධි දේ ගෙන්වන්නට තිබෙන ඉඩ කඩ ඉතාම අවම බව ද පවසා සිටියේය. තදබදයක් ඇති අවස්ථාවක බහාලුම් ටිකක් එහා මෙහාකර එම තදබදය අඩුකර ගත්තත් එහි වරදක් නොවන බව ද කෙසේ වුවද ලොකුවට කෑකෝ ගහන බහාලුම් 300ක ප්‍රශ්නය ගැන ඕනෑවට වඩා දඟලන එක නවත්වනවා නම් වඩා හොඳ බව ද එස්. බී දිසානායක අවසානයේ පවසා තිබිණ
සංජනා මන්දාරි








E-Paper