මහනුවර පදික වේදිකාවේ වීදි පුරා මඟී ජනතාවට අවහිර සහ පීඩා වන ආකාරයට වෙළදාමේ නිරතව සිටින පදික වෙළඳුන්ව එයින් ඉවත් කිරීමට විශේෂ යෝජනාවක් සම්මත වූයේ මහනුවර මහ නගර සභාවේදී ඊයේ පුරපති චන්ද්රසිරි විජේනායකගේ ප්රධානත්වයෙන් පැවැති දෙවන සැසි වාරයේදී ය.
මෙහිදීසර්ව ජන චන්ද බල පක්ෂයේ මන්ත්රී රෝහිත ලාල් ධර්මසිරි මහතා සභාවේ මන්ත්රී වරුන්ගෙන් ඊට කැමැත්ත විමසමින් ගෙන ආ යෝජනාවේ දී පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අත් ඔසවමින් සිය කැමැත්ත ප්රකාශ කළේය.
වැඩිදුර අදහස් දක්වමින් පුරපති චන්ද්රිසිරි විජේනායක මහතා, ඇසල පෙරහර මංගල්ලය වෙනුවෙන් පදික වෙළදුන් ඉවත් කොට නැවත ඔවුනට වෙළදාම කරගැනීමට මීට පළමුව අවකාශ ලබා දුන්න ද මෙවර එලෙස අවකාශය නොදීමට තීරණය කළ බව සභාවේ දී පවසා සිටි අතර ඉදිරි දිනවල දී ශබ්ද විකාශන යන්ත්ර මඟින් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන බව ද පැවසුවේය.
දමයන්ති









E-Paper