මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළැ ‘යි හිටපු ජනාධිපති රනින් වික්‍රමසිංහට චෝදනා

2022 අවුරුද්දේ ජූලි මස 17 වැනිදා අරගලකරුවන් පාලනය කිරීමට එවකට හිටපු වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ ක්රියාත්මක වන පරිදි රට පුරා ප්රකාශයට පත්කරන ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූළික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකර ඇත.
අගවිනිසුරු මුර්දු ප්රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුව ලබා දුන් බව සඳහන් වේ.
එලෙසම ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා මෙහි දී සිය තීන්දුව ප්රකාශ කළේ, ජනාධිපතිවරයා එදා පැණවූ හදිසි නීති ප්රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු නොවූ බවයි.
විකල්ප ප්රතිපත්ති කේන්ද්රය සහ ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්යාපාරය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අනුව මෙම නඩුව විභාග කෙරිණ.
කෙසේ වුවද පෙත්සම්කරුවනට නඩු ගාස්තු ගෙවන ලෙස රජයට නියම කෙරුණු බව ද වැඩිදුරටත් සඳහන්ව තිබිණ.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website