ශ්රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කිරීම අප ලැබූ ජයග්රහණයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා සමාජ මාධ්යයේ සටහනක් තබා ඇත.
මන්ත්රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ, මෙමගින් අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකි වන බවයි.
ඔහු සමාජ මධ්යයේ තැබූ සම්පූර්ණ සටහන මෙසේ ය.
”ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20%ක් දක්වා අඩුකිරීම ජයග්රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මා හදවතින්ම සතුටු වන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.
මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.”
කාංචනා







E-Paper