ඇමරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඇමරිකාව ඉන්දියාවට නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි සඳහන් වන්නේ රුසියාවෙන් තව දුරටත් තෙල් මිල දී ගන්නේ නම්, සැලකිය යුතු තීරු බද්දක් ගෙවීමට ඔවුනට සිදු වන බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ඇඟවීමකර ඇත්තේ තම ‘Truth Social’ ගිණුමෙහි සටහනක් තබමිනි.
ඉන්දියාව තෙල් මිල දී ගන්නා ප්රධානම රටවල් අතරින් රුසියාව එකක් බවත් රුසියානු ප්රහාර හමුවේ යුක්රේනියානු වැසියන් කොපමණ පිරිසක් මිය ගියත් ඉන්දියාවට තැකීමක් නැති බවත් ට්රම්ප් වැඩිදුරටත් එහි සඳහන්කර තිබු බව සඳහන් වේ.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website