යාපනය ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අවසරයක් නොමැතිව යාත්රා කරමින් තිබු ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සමඟ වූ ධීවර යාත්රාවක් අද (05) උදෑසන නාවික හමුදාව භාරයට ගත් බව වාර්තා වේ.
එලෙසම නීතිමය වශයෙන් සිදුවිය යුතු ඉදිරි කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂණ කාර්යාලය වෙත ඔවුන් බාර දීමට නාවික හමුදා නිලධාරින් පියවර ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු අනාවරණය වේ.
දමයන්ති








