ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් ඊයේ (11) පස්වරු 08.00ට නිකුත් කරන ලද සහ අද (12) දින පස්වරු 08.00 දක්වා වලංගු වන නිවේදකයින් දිස්ත්‍රික්ක 04කට මට්ටම 02 (අවධානයෙන් සිටින්න) නායයෑම පිළිබද පූර්ව අනතුරු ඇගවීමක් කර ඇත.
මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර් අනතුරු ඇඟවීම)
• බදුල්ල දිස්ත්‍රික්කය: සොරණාතොට, හාලි-ඇල, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර, ඇල්ල
• කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල
• නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළේ, නෝර්වුඩ්, වලපනේ, නිල්දන්ඩාහින්න
• රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, අයගම, වැලිගෙපොල, ඇහැලියගොඩ
නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳ මුල් ලක්ෂණ කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරන්න.












