රබෑව අලුත්ගම කැන්දෑව ප්රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස වනඅලි දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනුරාධපුර අඩවි වනජීවී කාර්යාල බලප්රදේශයට අයත් රබෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත්ගම කැන්දෑව ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
මියගිය වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් මේ වන විට පිටත්කර ඇති බව ද පශු වෛද්ය ඒකකයේ නිලධාරියෙක් පැවසුවේය.
වගා භූමියක් ආරක්ෂා කර ගැනීම සඳහා නීති විරෝධී ලෙස අඳින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම වනඅලි දෙදෙනා මියයන්නට ඇති බවට සැක කෙරේ.












