අද දින (27) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” (Arnab) ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්වී අද (2026 ඔක්තෝබර් 27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවතුනි. මෙය අද (2026 ඔක්තෝබර් 27) දින ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, 2026 ඔක්තෝබර් 28 වන දින පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-140 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක. එමෙන්ම මෙම මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැක. එමනිසා එම මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ: සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, මඩකලපුව හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා ඉහළ යා හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය: කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, මඩකලපුව හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශ විටින් විට ඉතා රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.












