මධ්යම අධිවේගී මාර්ගයේ පළමු අදියර (CEP 1) වන කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සැප්තැම්බර් අවසානය වන විට 56%ක භෞතික ප්රගතියක් අත්කරගෙන ඇති බව ප්රවාහන සහ අධිවේගී මාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා පැවසුවේය.
කිලෝමීටර් 37කට ආසන්න දිගකින් යුත් මෙම මාර්ග කොටස 2027 වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය.
මෙම කොටස සහ කඩවත අන්තර් හුවමාරුව ඉදිකර අවසන් වීමත් සමඟ, වයඹ පළාතේ සිට කොළඹ දක්වා අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ අඛණ්ඩව ගමන් කිරීමේ පහසුකම් තවදුරටත් පුළුල් වනු ඇත.
එසේම, 2026 වසර තුළ තවත් අධිවේගී මාර්ග ව්යාපෘති කිහිපයක ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය. ඒ අනුව, කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ග කොටස, කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ග කොටස සහ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ සිව්වන පිවිසුමේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තාර (Asphalt) ආනයනයේදී මතුව ඇති දුෂ්කරතා ඇතුළු අභියෝග රැසක් මධ්යයේ වුව ද, රටේ මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතින බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසුවේය.












