ශ්‍රී ලංකා මහ බැංකුව ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026’ ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2026” වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 49 වන වෙළුමයි.

පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14 ක් යටතේ දත්ත ඇතුළත් වේ. මෙම ප්‍රකාශනය පුළුල් පරාසයක සමාජ-ආර්ථික දත්ත සංක්ෂිප්ත හා සාරාංශ ආකාරයෙන්  ඉදිරිපත් කරන බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, ශාස්ත්‍රඥයින්, වෘත්තිකයන්, සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රයෝජනවත් ප්‍රකාශනයක් වනු ඇත..

මෙහි වෙබ් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැක. (https://www.cbsl.gov.lk/si/ප්‍රකාශන/වෙනත්-ප්‍රකාශන/සංඛ්‍යලේඛන-ප්‍රකාශන/ශ්‍රී-ලංකා-සමාජ-ආර්ථික-දත්ත). 

මිල රුපියල් 100/- ක් වන මුද්‍රිත පිටපත, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) පිහිටුවා ඇති බෙදාහැරීමේ කවුළුවෙන් මිල දී ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website