මෙරට වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම පරිසර අමාත්‍ය දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) නුවරඑළිය සදතැන්න වන විද්‍යායතනයේදී සිදුවිය. හෙක්ටයාර්9,538.68කපමණභූමිප්රමාණයක්මෙලෙසරක්ෂිතලෙස ගැසට් කිරීම සිදුවිය.
ගැසට් කරන ලද වනාන්තර පහත දැක්වේ.
- නුවර එළිය ඇල්ජින් වනාන්තරය (හෙක්ටයාර 1419.45),
- කෑගල්ල බළල්ගල වනාන්තරය (හෙක්ටයාර 73.22),
- කෑගල්ල බතලේගල වනාන්තරය (හෙක්ටයාර 27.3),
- කෑගල්ල රහලගල වනාන්තරය (හෙක්ටයාර 157.77),
- අම්පාර ලාහුගල ශාස්ත්රවෙල අලියාකන්ද කඩොලාන මිශ්‍ර වනාන්තරය (හෙක්ටයාර 101.07),
- අම්පාර ලාහුගල සෙංගමුව වනාන්තරය (හෙක්ටයාර 758.2),
- බදුල්ල මහියංගනය මූපලාන වනාන්තරය (හෙක්ටයාර 29.79),
- බදුල්ල මහියංගනය හීරැස්සගල වනාන්තරය (හෙක්ටයාර 168.09),
- වවුනියාව කරුංගාලිකුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 2537.4),
- වවුනියාව නැඩුන්කේණි චමලන්කුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 580.28),
- වවුනියාව නැඩුන්කේණි පෙරියකට්ටිකුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 1301.07),
- වවුනියාව නැඩුන්කේණි පෙරියමඩු 02 වනාන්තරය (හෙක්ටයාර 800.86),
- වවුනියාව නැඩුන්කේණි පුලියන්කුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 135.51),
- වවුනියාව නැඩුන්කේණි පුතුකුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 186.97),
- වවුනියාව නැඩුන්කේණි වන්නිවිලාන්කුලම් 02 වනාන්තරය (හෙක්ටයාර 922.49),
- අනුරාධපුර තඹුත්යත්ගම හබරවත්ත වනාන්තරය (හෙක්ටයාර 43.99),
- අනුරාධපුර තඹුත්තේගම කඳුලේගම වනාන්තරය (හෙක්ටයාර 46.32),
- අනුරාධපුර තඹුත්තේගම මැදවච්චිය වනාන්තරය (හෙක්ටයාර 40.78),
- අනුරාධපුර තඹුත්තේගම මුස්නව වනාන්තරය (හෙක්ටයාර 17.84),
- අනුරාධපුර තඹුත්තේගම නෑගම වනාන්තරය (හෙක්ටයාර 190.28)
ඇතුළු වනාන්තර රැසක ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වේ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා හෙක්ටයාර් 65,000කට වැඩි වනාන්තර භූමි ප්‍රමාණයක් රක්ෂිත ලෙස ගැසට් කරමින් මෙරට වන සම්පත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සිටින බව පරිසර අමාත්‍යවරයා පැවසුවේය.













