සමාජ මාධ්‍යයේ සංසරණය වූ බාල වයස්කාර දරුවෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් අනුව එහි ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි පොන්සේකා සහ පොලිස් පරීක්ෂක කාන්දීපන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2026.09.18 දින ගනේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ නිවසකදී අනාරක්ෂිතව සිටි වයස අවුරුදු 11ක් වන බාලවයස්කාර දරුවා බාරයට ගන්නා ලදී.
එම දරුවා ළමා හා කාන්තා කාර්යාංශය වෙත දරුවාගේ මව සමඟ රැගෙන පැමිණ ඇති අතර දරුවාගේ යහපත සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.












