අද (18) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
හෙට (19) සිට ආසන පටි නොමැතිව ගමන් කරන රියදුරන්ට සහ මගීන්ට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන අතර, ආසන පටි නොමැති වාහන අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවසර නොලැබේ.
මෙම නීතිය ඉදිරිපස සහ පසුපස ආසන මගීන් යන දෙපිරිසටම අදාළ වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













