දිට්වා ආපදාවෙන් හානියට පත් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය හෙට (19) වාරියපොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව 01.30ට මෙම වැඩසටහන ආරම්භ වේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
දිට්වා ආපදාව හේතුවෙන් රටේ පශු සම්පත් ක්ෂේත්රයට, විශේෂයෙන් ගව හා එළු පාලනයේ නිරත ගොවි ජනතාවගේ ගව හා එළු නිවාසවලට සැලකිය යුතු හානි සිදුවීම හේතුවෙන් බලපෑමට ලක් වූ ගොවීන්ගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ මැදිහත් වීමෙන් IRDCRP ව්‍යාපෘතියේ මුල්‍ය සහයෝගයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
ගව හා එළු නිවාස නව ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය (IRDCRP) යටතේ ක්‍රියාත්මක වන හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ සංරචකය (Contingent Emergency Response Component – CERC) මඟින් ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගව නිවාස ගොවීන් වෙත ලබාදීමේ අවසන් අදියරට ළගා වී ඇත
වයඹ පළාත දිට්වා ආපදාවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ පළාතක් වන බැවින්, එම පළාතේ බලපෑමට ලක් වූ ගව හා එළු පාලනයේ නිරත ගොවි ජනතාවගේ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම වැඩසටහන යටතේ ප්රමුඛ අවධානයක් යොමු කර ඇත.
ඒ අනුව, මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වීම සඳහා වයඹ පළාත තෝරාගෙන ඇති බව සතුටින් දන්වා සිටින අතර, වැඩසටහනේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් 2026.09.19 දින සවස 2.00ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශයේදී ගව හා එළු නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක ක්ෂේත්‍ර දිනය කෘෂීකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත
මෙම වැඩසටහන යටතේ ආපදාවට පත් පළාත් 8 ක ගව නිවාස 878 ක් සහ එළු නිවාස 497- ඉදිකරනු ලබන අතර මේ සදහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් මිලියන 1178.5 වැය වේ.









