2026 වර්ෂයේ දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 4.2% වර්ධනය වෙයි

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් 2026 වසරේ දෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු ගත කර ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, 2026 වසරේ දෙවන කාර්තුව තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය 4.2%ක වර්ධනයක් හිමි කර ගෙන තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය විසින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website