වත්තල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ රු. ලක්ෂ 900කට අධික දේපළ ගැන විමර්ශනයක් අරඹයි

වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් මිල දී ගෙන ඇති දේපළ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර පවත්වා ගෙන යනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (18) දින නිකුත් කළ නිවේදනයක සහන් වේ.

එම දේපළ නම්,

  • හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 07 ක විශාල ඉඩම හා දෙමහල් නිවස (දළ වටිනාකම රුපියල් ලක්ෂ 400 කි)
  • හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 17 ක විශාල ඉඩම හා නිවාස දෙක (දළ වටිනාකම රුපියල් ලක්ෂ 300 කි)
  • හුණුපිටිය, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 05 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කි)
  • කාන්ති මාවත, හුණුපිටිය ලිපිනයේ පිහිටි පර්චස් 03 ක විශාල ඉඩම හා ගොඩනැගිල්ල (දළ වටිනාකම රුපියල් ලක්ෂ 70 කි)
  • ස්පේසියා වර්ගයේ කාර් රථය (දළ වටිනාකම රුපියල් ලක්ෂ 80 කි)

එම විමර්ශනයට අනුව  ඉහත සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 900 කට අධික වටිනාකමකින් යුත් දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධි වත්කම් වීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website