අද කාලගුණය කොහොමද ? – නිල කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (13) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතී.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ක පමණ තද වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website