ඊජිප්තු අධිකරණයක් විසින් ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් වන සාරා කාලීෆාට සහ තවත් 11දෙනෙකුට මරණ දඬුවම නියම කළ බව ඊජිත්තු මාධ්‍ය නිල වශයෙන් අද (06) වාර්තා කළේය.
39 හැවිරිදි නිවේදිකාවක වන සාරා කලීෆා, ආරක්ෂාව සහ අපරාධ සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කළ ඇගේ Mission Impossible වැඩසටහන සඳහා වඩාත් ප්‍රසිද්ධය.
කයිරෝ අධිකරණයක් “කලීෆා සහ තවත් විත්තිකරුවන් 11 දෙනෙකුට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් මිලදී ගැනීම සහ බලපත්‍ර රහිත ගිනි අවි සහ පතොරම් ළඟ තබා ගැනීම සහ රැගෙන යාමේ විශේෂිත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක් පිහිටුවීමේ චෝදනා මත එල්ලා මරණ දඬුවම නියම කළ බව” රාජ්‍යයට සම්බන්ධ අල්-අහ්රාම් පුවත්පත පැවසීය.
මරණ දඬුවම නියම කරන ලද නඩු වලදී ඊජිප්තු නීතියට අනුව අවශ්‍ය ක්‍රියා පටිපාටියක් වන ඊජිප්තුවේ ග්‍රෑන්ඩ් මුෆ්ටිගේ / Grand Mufti ආගමික මතය සඳහා අධිකරණය උපදෙස් ලබා ගැනීමෙන් පසුව මෙම තීන්දුව ප්‍රකාශ විය.
- තීන්දුව අභියාචනයට යටත් වේ
කලීෆා සතුව රූපලාවන්‍ය සැත්කම් සායනයක් සහ සාද සහ උත්සව සංවිධානය කිරීම සඳහා විශේෂිත වූ නිෂ්පාදන සමාගමක් ද ඇත.
රාජ්‍යය විසින් පවත්වාගෙන යනු ලබන Akhbar el-Yom පුවත්පතට අනුව, විත්තිකරුවන්ට “නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් කෘතිම ඖෂධ නිෂ්පාදනය කිරීම” යන චෝදනාව එල්ල විය.
Akhbar el-Yom වාර්තා කළේ බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750 කට වඩා අත්අඩංගුවට ගත් බවත්, රසායනාගාර ලෙස භාවිතා කරන මහල් නිවාස දෙකක් මෙන්ම බලපත්‍ර රහිත ගිනි අවි සහ පතොරම් ද සොයා ගත් බවත්ය.
තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ වෙනම නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය කලීෆා සහ අනෙකුත් අයට වසර පහක සිර දඬුවමක් නියම කළේය.
ඊජිප්තුව සැලසුම් සහගත මිනීමැරුම්, ත්‍රස්තවාදය, සමහර ස්ත්‍රී දූෂණ වැරදි සහ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරයි.
අයිතිවාසිකම් සහ නිදහස සඳහා වූ ඊජිප්තු කොමිසමට අනුව, 2025 දී ඊජිප්තුවේ මරණ දඬුවම් 541ක් ක්‍රියාත්මක කරන ලදී.
ද ගාර්ඩියන් ඇසුරිණි.















