‘Women Empowerment through Agri-Livestock Entrepreneurship Development and Market Linkage in South Asia” යන තේමාව යටතේ දකුණු ආසියානු කලාපීය වැඩමුළුව අගෝස්තු 24–26 දින තුනක් පුරා කොළඹ Cinnamon Lakeside Hotel හිදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බී.එස්.එස්. පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය හා කලාපීය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
පළමු දිනයේදී දකුණු ආසියානු රටවල නියෝජිතයන් විසින් තම රටවල කෘෂි–පශු සම්පත් ව්‍යවසායකත්වය පිළිබඳ අත්දැකීම් හා තොරතුරු ඉදිරිපත් කළ අතර, වෙළෙඳපොළ සම්බන්ධතා සහ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ තාක්ෂණික සැසි හා සාකච්ඡා පැවැත්විණි.
දෙවන දිනයේදී කෘෂි–පශු සම්පත් ව්‍යවසායකත්ව සංවර්ධනය, වෙළෙඳපොළ සම්බන්ධතා, දේශගුණික විපර්යාස හමුවේ තිරසාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගන්නා ලදී. කාන්තාවන් හා තරුණයන්ගේ සහභාගීත්වය, පවුල් ගොවිතැනේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කණ්ඩායම් සාකච්ඡා ද පැවැත්විණි.
තෙවන දිනයේදී ශ්‍රී ලංකාවේ කාන්තා සවිබලගැන්වීම, කෘෂි–පශු සම්පත් ව්‍යවසායකත්ව සංවර්ධනය සහ වෙළෙඳපොළ සම්බන්ධතා පිළිබඳ සාර්ථක ක්‍රියාකාරකම් හා භාවිතයන් නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර සංචාරයක් සිදු කරන ලදී.
මෙම වැඩමුළුව තුළින් කාන්තා ගොවි ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම, කලාපීය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම, වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම සහ තිරසාර කෘෂි–පශු සම්පත් සංවර්ධනය සඳහා දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් තැබීය.













