පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට: අයදුම්කරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් නිකුත් කරනු ලබයි. එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්‍ර මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදු වේ.

එම පද්ධතිය 2026.08.20 දින දහවල් 12.50 සිට අක්‍රියව පැවති අතර ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර මේ වන විට එම දත්ත පද්ධතිය යථාවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නිෂ්කාශන වාර්තා ඉල්ලුම්පත් නැවත පෙර පරිදි ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ හැකිය.

2026.08.20 වන දින නිෂ්කාශන දත්ත පද්ධතිය අක්‍රිය වීමෙන් පසු පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් අයදුම්කරුවන් විසින් යොමු කරන ලද අයදුම්පත් මෙම නිෂ්කාශන පද්ධතියෙන් ඉවත් විය. එබැවින් 2026.08.20 වන දින අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් විසින් නැවත මාර්ගගතව පොලිස් නිෂ්කාශන සහතිකයක් අයදුම් කල යුතු වන අතර එම අයදුම්පත්‍රය සම්බන්ධයෙන් වාර්තා කැඳවීමෙන් පසුව නිෂ්කාශන සහතිකය නිකුත් කිරීමට හැකියාවක් ඇති බවත්, පෙර අයදුම් කරන ලද අයදුම්පත්‍රයට අයකරන ලද රුපියල් 5,100/= ක මුදල නැවත අයදුම්කරු විසින් ගෙවූ ණය කාඩ්පත වෙත (ATM CARD) බැරවෙන බවත් පොලිසිය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website