2026.07.23 දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු හට පහරදී එයින් ඉන් එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේය.
විමර්ශනයට අනුව එම සැකකරුවන් තිදෙනා අතරින් දෙදෙනෙකු ඊයේ (28) දින සීගිරිය පොලිස් වසමේ ලැගුම් හලක් තුල රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත් වී ඇත.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 43 වයස්වල පසුවන්නන් ය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳව කරුණු වාර්තා කිරීමට නියමිත අතර තෙවන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරයි.














