සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (19) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.














