කඩවත–ගනේමුල්ල පාරේ නිසි ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් අලෙවි කළ වෙළෙඳසලක් වටලයි

කඩවත–ගනේමුල්ල පාරේ නිසි ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් අලෙවි කළ වෙළෙඳසලක් වටලා රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අද (18) දින නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් කඩවත–ගනේමුල්ල පාරේ පාසල් මාවත ප්‍රදේශයේ පිහිටි, නිසි ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් අලෙවි කළ වෙළෙඳසලක් වටලා රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් වෙළෙඳ භාණ්ඩ තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අංක 85 සහ 88 දරන විධාන උල්ලංඝනය කරමින් ලිහිසි තෙල් හා වාහන අමතර කොටස් අලෙවි කිරීම සහ ගබඩා කර තැබීම, භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර, අදාළ වෙළෙඳ භාණ්ඩවල සාම්පල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, වෙළෙඳසල් හිමිකරුට සහ අදාළ වෙළෙඳ නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ.

වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් මිලදී ගැනීමේදී පාරිභෝගික ඔබත් සැලකිලිමත් වන්න. භාණ්ඩයේ මිල, තත්ත්වය සහ අදාළ ප්‍රමිතීන් පිළිබඳව තහවුරු කර ගැනීමෙන් පසුව මිලදී ගැනීමට කටයුතු කරන්න.

AI විසින් නිර්මාණය කළ ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website