
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු දැන් සියයට 90 කින් සාර්ථකව අවසන් කර ඇති බව නිවාස හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් ඔහු මේ බව හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය,
වර්ග කිලෝමීටර් 20.8ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි රටේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප්‍රදේශවලින් ඉතිරි සියයට 10ක් ඉතා සංකීර්ණ වනාන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල පිහිටා තිබෙන්නේ. මෙම අභියෝග මධ්‍යයේ වුව ද, ඉදිරි වසර 4 තුළ මෙම ප්‍රදේශවල බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් ව්‍යාපෘතිය සාර්ථකව නිම කළ හැකියි. රජය මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, මෙවර වෙන් කරන ලද අරමුදල් පෙර වසරවලට සාපේක්ෂව දෙගුණ වී ඇති අතර, ඉදිරි වසරේදී අමතර අරමුදල් වෙන් කිරීමට නියමිතයි.
තව ද, ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතර, මෑතකදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නව හමුදාපතිවරයා සමඟ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම කාර්යය සඳහා යුද හමුදාවේ පුහුණුව ලත් සොල්දාදුවන් 500ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. දැනට 25 ක් පමණ මෙම කාර්යයේ නියැලී සිටින අතර, මේ හරහා හමුදාව වසරකට වර්ග කිලෝමීටර් 1.5ක භූමි ප්‍රදේශයක් සාර්ථකව එළි පෙහෙළි කරමින් සිටිනවා”
ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය සතුටුදායක මට්ටමක පවතින බවත්, ජාත්‍යන්තර ප්‍රජාව විසින් අගය කරනු ලබන විශිෂ්ට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවත් ඔහු පැවසීය.
















