සම්මානලාභී බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී Rosamund Pike සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක්

Mines Advisory Group (MAG) සංවිධානයේ තානාපතිවරියක ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින සම්මානලාභී බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී Rosamund Pike අද (10) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු වුණාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවිය.

ශ්‍රී ලංකාව පසුගිය වසර පුරා බිම්බෝම්බ සහ යුද්ධයෙන් ඉතිරි වූ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරන අවස්ථාවක Rosamund Pike මහත්මියගේ මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක් බව අග්‍රමාත්‍ය කාර්යාලය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website