පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද (10) පෙරවරුවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

පොලිස්පතිවරයාට එරෙහිව තර්ජන නිකුත් කිරීම සහ රජය සහ ජනාධිපතිවරයා කෙරෙහි මහජන අප්‍රසාදය ඇති කළ හැකි ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website