ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවෙක් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සාර්ථක වැටලීමකදී, මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ පාර ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කරමින් තිබූ ජාවාරමක් සිදු කළ අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) උදෑසන කාලයේදී ලද විශ්වාසදායක තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත. එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු තොගයක් සහ එම අපරාධය සඳහා යොදා ගන්නා ලදී උසස් තාක්ෂණික උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වී ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අදාළ සන්නිවේදන මධ්‍යස්ථානයේ හිමිකරුවෙකි. වැටලීමේදී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ අතර ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 07 ක්, රුපියල් 1,000 මුදල් නෝට්ටු 06 ක්, රුපියල් 500 මුදල් නෝට්ටු 01 ක්, පරිගණක යන්ත්‍රයක්, ස්කෑන් යන්ත්‍රයක්, ප්‍රින්ටර් යන්ත්‍රයක්, ෆෙන් ඩ්‍රයිව් එකක්, පේපර් කටර් එකක් සහ අඩිරූලක් වන බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

සැකකරු අද දින දින නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website