2026/2027 එල්නිනෝ දේශගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර විද්‍යාත්මක කාලගුණික අනාවැකි පළ වී ඇති මොහොතක නියඟ සහ ගංවතුර වැනි තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 දෙක යටතේ ප්‍රශ්නයක් යොමු කරන ලදී.
එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.
මේ මොහොතේ ද රට තුළ ආපදා තත්වයක් මතුව ඇති පසුබිමක මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව රජය පිළිතුරු ලබාදීම සඳහා කල්ඉල්ලා සිටීම බරපතළ ගැටලුකාරී තත්ත්වයක් බව රවී කරුණනායක මහතා පැවසුවේය.












