මහනුවර සහ නුවරඑළියේ පාසල් හෙට යළි ඇරඹෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වසා දමන ලද මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ සිට නැවත විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් වසා තැබීමට ඊයේ (04) මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website