කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

කැලණි ගඟේ ඉහළ හා මධ්‍යම ජලග්‍රාහක ප්‍රදේශවල මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයේ අධික තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් එම හේතුවෙන් දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද (03) සවස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඉහත ප්‍රදේශවල පදිංචිකරුවන්, ගඟ භාවිත කරන පුද්ගලයින් සහ මෙම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ට මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් හා ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස දැඩි ලෙස දැනුම් දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website