නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ ඇල්ලේ සංචාරක හෝටලයක රු. මිලියනක දඩයක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ ඇල්ල, කරදගොල්ල, නැෆෝරා ඇල්ල ප්‍රදේශයේ පිහිටි “Future Life Hotels and Resorts (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

2026.07.10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී, අදාළ ආයතනය මඟින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම අනාවරණය කරගනු ලැබීය.

2026.07.22 වන දින මෙම නඩුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර හෝටල් සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන්, ගරු අධිකරණය විසින් රුපියල් 1,000,000/- (මිලියනයක / ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website