පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සකස් කරන ලද දියර කිරි සම්බන්ධයෙන් නව ප්රමිතීන් පනවා ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 98 දරන විධානය අනුව, දියර කිරිවල අඩංගු ඇෆ්ලැටොක්සින් (Aflatoxin) මට්ටම සඳහා දැඩි නව සීමාවක් හඳුන්වා දී ඇත.
නව නියමය කුමක්ද?
ශ්රී ලංකාව තුළ විකුණනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි, SLS 1815 ප්රමිතියට අනුව, කිලෝග්රෑමයකට මයික්රොග්රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) ක උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටමට අනුකූල විය යුතුය.
මෙම ආරක්ෂිත සීමාව ඉක්මවා යන සකස් කරන ලද දියර කිරි,
නිෂ්පාදනය කිරීම
ආනයනය කිරීම
ඇසිරීම
ගබඩා කිරීම
විකිණීම
සම්පූර්ණයෙන්ම තහනම් වේ.
මෙය ක්රියාත්මක වන්නේ කවදා සිටද?
මෙම විධානය 2027 ජනවාරි 08 වන දින සිට අනිවාර්යයෙන් ක්රියාත්මක වේ.
සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් එම දිනයට පෙර අදාළ ප්රමිතීන්ට අනුකූල වීම තහවුරු කළ යුතුය.
වැඩි විස්තර සඳහා අංක 2496/30 දරන අතිවිශේෂ ගැසට් පත්රය බලන්න.















