සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් කිරීමේ නීති හඳුන්වා දෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 100 දරන විධානය අනුව, පහත සඳහන් සබන් නිෂ්පාදනවල ඇසුරුම හෝ ලේබලය මත අනිවාර්යයෙන් සඳහන් කළ යුතු නව තොරතුරු හඳුන්වා දී ඇත.

▪️ ළදරු සබන් — SLS 547

▪️ ඇඟ ගල්වන සබන් — SLS 34

▪️ රැවුල බෑමේ සබන් — SLS 36

▪️ කාබොලික් සබන් — SLS 35

▪️ රෙදි සෝදන සබන් — SLS 554

▪️ බේදින් බාර් — SLS 1220

▪️ මෘදු සබන් — SLS 37

🔹 නිෂ්පාදනයේ නාමය

උපලේඛනයේ සඳහන් නිෂ්පාදන නාමය තද අකුරින්,

✅ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතුය;

හෝ

✅ එම භාෂා තුනෙන් භාෂා දෙකකින් ප්‍රධාන මුහුණතෙහිද, ඉතිරි භාෂාව වෙනත් මුහුණතකද සඳහන් කළ යුතුය.

🔹 TFM ප්‍රතිශතය

ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේද ද්‍රව්‍ය ප්‍රතිශතය — Total Fatty Matter (TFM) ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතුය.

එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක (2mm) තද අකුරු භාවිත කළ යුතුය.

📅 ක්‍රියාත්මක වන දිනය

මෙම විධානය 2027 ජූලි 09 වන දින සිට ක්‍රියාත්මක වේ.

එම දින සිට නියමිත තොරතුරු ඇසුරුම හෝ ලේබලය මත සඳහන් කර නොමැති අදාළ සබන් නිෂ්පාදන,

❌ ආනයනය කිරීම

❌ නිෂ්පාදනය කිරීම

❌ ගබඩා කිරීම

❌ බෙදා හැරීම

❌ තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම

❌ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම

❌ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුය.

📄 වැඩිදුර තොරතුරු සඳහා 2026 ජූලි 10 දිනැති අංක 2496/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පරිශීලනය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website