ඊයේ (09) උදෑසන පදවිය පොලිස් වසමේ බෝගස්හන්දිය පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර් 02 කණුව ආසන්නයේදී බෝගස්හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා එහි ගමන් ගත් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා තුවාල ලබා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 48 ක් වූ කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පදවිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










