ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් 16 වන දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ අද (07) නියෝග කළාය.
නඩු විභාගය අතරතුර, විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි භාරදීමට අදාළ ක්‍රියා පටිපාටිය යටතේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.













