හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජිත පියවර සාකච්ඡා කිරීම සඳහා ප්රජාතන්ත්රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලමින් නාමල් රාජපක්ෂ මහතා අද (07) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවා තිබේ.
රජය කිසිදු පිළිගත හැකි හෝ සාධාරණ හේතුවක් නොමැතිව උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කරන බවත්, එවැනි පියවරක් නීතියේ ආධිපත්‍යයට හානි කළ හැකි බවත් නාමල් රාජපක්ෂ සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
රජයේ මෙම සැලසුම දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඇතුළු සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇති බව රාජපක්ෂ මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.
එම ලිපිය පහත දැක්වේ.













