රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ (Dream Destination) වැඩසටහන යටතේ පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවතත් ජනතා පරිහරණයට පත්කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු කෙරිණ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් තිරසර ව්‍යාපෘතියක් ලෙස ‘සිහින ගමනාන්තය’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර සහ කිරුලපන උප දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති නාරාහේන්පිට දුම්රිය ස්ථානය, වසර ගණනාවකින් ප්රතිසංස්කරණයකට ලක් නොකිරීම හේතුවෙන් පහසුකම් රහිතව, අනාරක්ෂිත තත්ත්වයක පැවතිණ. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා ස්ථාන රැසක් ස්ථානගතව ඇති නාරාහේන්පිට ප්‍රදේශයට මෙම දුම්රිය ස්ථානයෙන් විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් සපයා ගනී.
ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් MAGA Engineering (Pvt.) Ltd. හි මූල්‍ය සහ ඉදිකිරීම් දායකත්වයෙන් NIO Engineering ආයතනයේ තාක්ෂණික හා සේවා සැපයීමෙන් මෙම ව්‍යාපෘතියේ නවීකරණ කටයුතු 2025 වසරේ සැප්තැම්බර් මස 27 වන දින ආරම්භ කෙරිණ. එම නවීකරණ ක්‍රියාවලිය යටතේ දුම්රිය මගී ගුවන් පාලම අලුතින් ඉදිකිරීම, දුම්රිය ස්ථානයේ වහලය ඉදිකිරීම, දෙවන මගී වේදිකාව දිගු කිරීම, සනීපාරක්ෂක හා මලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේපනය, දුම්රිය මගී ආසන අලුතින් සවිකිරීම, දුම්රිය නිල නිවාසය අලුත්වැඩියා කිරීම, විදුලි ආලෝක පද්ධතිය නවීකරණය සහ දුම්රිය ප්‍රවේශ මාර්ගයේ කාපට් ඇතිරීම ඇතුළු දුම්රිය ස්ථානය හා ඒ ආශ්රිත භෞතික ප්‍රතිසංස්කරණ කටයුතුද සිදුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා MAGA Engineering (Pvt.) Ltd. ආයතනය විසින් දරා ඇති මූල්‍ය පිරිවැය රුපියල් මිලියන හතලිහකි.
‘Dream Destination’ ව්‍යාපෘතියේ මූලික අරමුණ දුම්රිය සේවාව දියුණු කරමින් මගී ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කර ලබා දීම බවත් දුම්රිය සේවාවේ මානව හා භෞතික සම්පත් වැඩිදියුණු කිරීම මහා පරිමාණ කාර්යභාරයක් බවත් නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවත ජනතා පරිහරණයට පත් කිරීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
ඒ අනුව දිගුකාලීනව පැවත එන ගැටළු නිරාකරණය කරමින් මුළු පද්ධතියම දියුණු කිරීම රජයේ සැලසුම බවද පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගණනාවක් මේ වනවිටත් ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
දුම්රිය සේවාව පුළුල් කිරීම යටතේ ලබන වසරේ විදුලි දුම්රිය සේවාව සඳහා ආරම්භක පියවර ගන්නා බවත් ඒ යටතේ කොළඹ – පානදුර, කොළඹ – මාකුඹුර, කොළඹ – රාගම නගර කේන්ද්‍ර කරගනිමින් පළමු අදියරේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පොදු ප්‍රවාහනයේ දියුණුවත් සමග ඒ හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික දෙඅංශයේ ම සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙන බවද Dream Destination යනු ජනතාවගේ අදහස් මෙන්ම ඔවුන්ගේ පැවැත්ම, ආරක්ෂාව, අනාගතය වෙනුවෙන් ඵල දරන තවත් එක් අධිෂ්ඨානයක් බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය.











