මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේය.
මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව අවධාරණය කළ ගජනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ පරීක්ෂණ අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද පැවසුවේය.











