මෙරට විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් අතර HIV ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
පෙර වසරවලට සාපේක්ෂව නව යොවුන් වියේ පසුවන්නන් අතර HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග අවදානම වැඩි වී ඇති බවත්, එම ගැටලුව විසඳීමට රජය හදිසි පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
නැගී එන තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.













