බහුවිධ අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 30ක් පමණ මිය යන බව ප්‍රජා වෛද්‍ය උපදේශක සමිත සිරිතුංග පැවසුවේය.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ වැඩිදියුණු කළ ආරක්ෂක පියවරයන් සහ දැනුවත්භාවය සමඟ මෙම මරණ බොහොමයක් වළක්වා ගත හැකි බවයි.
දිවයින පුරා වාර්ෂිකව අනතුරු ආශ්රිත මරණ 8,000 ත් 10,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව හෙළි කළ සිරිතුංග මහතා මෙම මරණවලට ප්‍රධාන හේතුව මාර්ග අනතුරු මාර්ග අනතුරු වන අතර වැටීම්, දියේ ගිලීම්, විදුලි සැර වැදීම් සහ සර්ප දෂ්ට කිරීම් හේතුවෙන් ද සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන බව පැවසුවේය.













