ලියාපදිංචි නොකළ සියලුම වැඩිහිටි රැකවරණ නිවාස 2026 සැප්තැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරන ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ කේ. චතුර මිහිදුම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
වයස අවුරුදු පහකට වැඩි පුද්ගලයින් සඳහා නේවාසික සත්කාර සපයන ආයතන නියමිත දිනට පෙර ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ලියාපදිංචි නොකළ වැඩිහිටි රැකවරණ නිසා 311ක් හඳුනා ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.













