දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීන් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ග්‍රාම නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ කරන ඉල්ලීමක් වන ගමන් වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත පදනම්ව මෙම තීරණය ගත් බව ඔහු පැහැදිලි කළේය
අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රණසිංහ මහතා ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ජුනි 30 වන දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.















