අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂා කරමින් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය ආරක්ෂා කරන බවට වත්මන් රජය විපක්ෂයේ සිටින කාලයේ විවිධ මැතිවරණ පොරොන්දු දුන්නත් ඔවුන් බලයට පැමිණි පසු ඒ පොරොන්දු සියල්ල කඩකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
උපරිමාධිකරණ ගුරු විනිසුරුවරුන් විශ්‍රම ගැන්වීමේ වයස් සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් කර තිබියදී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයකින් තොරව අත්තනෝමතිකව වෙනස් කිරීමට රජය දරණා මේ උත්සාහය අධිකරණයේ ස්වාධීනත්වයට ඇගිලි ගැසීමක් ලෙස දැකිය හැකි බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඕනෑම ප්රජාතන්ත්රවාදී පියවරක් ගැනීමට සූදානම් බව ද විපක්ෂ නායක සජිත් අවධාරණය කළේය.















