පාස්කු ඉරිදා ප්රහාරවලට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම ගැන සලකා බැලීම හෙට (18) දිනට කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද පස්වරු 1.30 ට කැඳවීමට නියමිතව තිබුණ ද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිසි ලෙස පිහිටුවා නොමැති බැවින් එය සලකා බැලීමට හෙට දිනට කල් තැබීමට නියම විය.















