හිටපු අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (16) ලබා දුන්නේ ය.
DNA පරීක්ෂණයක් සඳහා ජූනි 16 දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා පසුගිය 12 වැනිදා කළ නියෝගය අනුව පල්ලේගම හේමරතන හිමියන් මෙලෙස රුධිර සාම්පල ලබා දුන්නේ ය.
අදාළ DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්රධාන මහේස්ත්රාත්වරයා එදින රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.















